වැඩේ අතට ගන්න හරදාස් එයි

වැඩේ අතට ගන්න හරදාස් එයි

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහ සභා රැස්වීමක් අද (25) හදිසියේ පැවැත්වීමට යොදා ගෙන ඇති අතර එහිදී විශේෂ තීන්දු කිහිපයක් ගැනීමට නියමිත බව අනාවරණය වේ.

ජනාධිපතිවරණය ඉලක්ක කර ගනිමින් සැලසුම් කර ඇති නව ක්‍රියාමාර්ග අනුව මහින්ද හරදාස් සියලු මෙහෙයුම් කමිටුවල ප්‍රධානියා ලෙස පත් කිරීමට නියමිත ය. වැඩි දුරටත් වාර්තා වන්නේ වජිර අබේවර්ධන, සාගල රත්නායක, මනූෂ නානයක්කාර, ප්‍රසන්න රණතුංග, නිමල් ලන්සා සහ නිමල් සිරිපාල ද සිල්වා වශයෙන් කණ්ඩායම් ගණනාවක් රනිල් පිල තුළ බෙදී තිබීම මඟහරවා ගැනීම සඳහා මූලික වගකීම් මහින්ද හරදාස්ට පැවරීමට නියමිත බව ය.

මේ අතර, ෆවර් රෝඩ්, ලෝරිස් පටුමග, රාජගිරිය ආදී වශයෙන් තැන් ගණනාවක ස්ථාපිත කර තිබෙන මෙහෙයුම් කාර්යාල සියල්ල මොහු යටතට පත් කිරීමට නියමිත බවත් වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn