මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති වීමෙන් පසුව 2015 පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීමට පෙර කුලියාපිටිය ප්‍රදේශයේ ෆොක්ස්වැගන් කර්මාන්ත ශාලාවක් ආරම්භ කරන බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කළ ආකාරයෙන්ම මෙවර ජනාධිපතිවරණය ආසන්නයේදී අගමැති දිනේෂ් ගුණවර්ධන මැදිහත් වී දකුණු කොරියාවේ යොං-ජෝ මුන් ආයෝජකයාගේ ආයෝජන ගෙන එන බවට ප්‍රචාරය කරමින් පවතී.
පසුගිය 22 දින යොං-ජෝ මුන් අරලියගහ මන්දිරයට පැමිණ අගමැති දිනේෂ් ගුණවර්ධන හමු වී මෙරටට ආයෝජන ගෙන ඒම සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවට මාධ්‍ය වාර්තා පල වේ. එහෙත් මෙම පුද්ගලයා හමු වූ බව මිස ඔහුට අයත් සමාගම් ගැන හෝ එවැනි වැදගත් දත්ත කිසිවක් මේ වනතෙක් හෙළි කර නැත. මෙරට බලශක්ති සහ කෘෂිකාර්මික ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමට මෙම දකුණුකොරියානුවා සූදානමින් සිටින බව පමණක් වාර්තා වේ.
රජයට අයත් කෘෂිකාර්මික ඉඩම් මෙන්ම පශුසම්පත් මණ්ඩලයට අයත් ගොවිපලවල් විදේශිකයන් විකුණා දැමීම සඳහා ආණ්ඩුව සියලු කටයුතු සූදානම් කර තිබෙන පසුබිමක මෙම පුද්ගලයා පැමිණ තිබීම විශේෂත්වයකි.










