අද (23) සවස සමගි ජන බලවේගයේ අකුරණ රැලියක් පැවැත්වූ අවස්ථාවේ මන්ත්‍රී රවුෆ් හකීම්ට එම රැලිය ඇමතීමට අවස්තාව නොදී එම ප්‍රදේශයේ ජනතාව දැඩි ලෙස විරෝධය පල කර තිබේ.
මෙම විරෝධයට මූලික හේතුව වී තිබෙන්නේ රවුෆ් හකීම් ගෙන යන දැඩි ජාතිවාදී ප්‍රචාර බව හෙළි වී ඇත. මුස්ලිම් ප්‍රජාව විශාල වශයෙන් ජීවත්වන අකුරුණ ප්‍රදේශය තුළදී මෙම විරෝධය එල්ලවීම විශේෂත්වයකි.
හූ හඬ මධ්‍යයේ වුවද රැලිය ඇමතීමට ශ්‍රී ලංකා මුස්ලිම් කොන්ග්‍රස් නායක රවුෆ් හකීම් නැගී සිටියද ජනතා විරෝධය දැඩි වීමත් සමග ඔහුට විනාඩියක පමණ කාලයකින් වේදිකාවෙන් බැස යාමට සිදුව ඇති බවද වාර්තා වේ.
12,764









