ජාතික ජන බලවේගය සම්බන්ධයෙන් විවිධ විකෘති ප්‍රකාශ කිරීම සහ ප්‍රබන්ධ සිදු කිරීම මෙන් ම එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක ඉලක්ක කර ගනිමින් සාවද්‍ය ප්‍රකාශ ගෙන යාමට ටයි කෝටි පිරිසක් සජිත් ප්‍රේමදාස විසින් යොදා ගෙන තිබේ.
ඒ අතර, මහාචාර්ය චරිත හේරත්, නීතිඥවරුන් වන දයාසිරි ජයසේකර, රාවුෆ් හකීම්, සුජීව සේනසිංහ සිටින අතර ඉංජිනේරු අජිත් මාන්නප්පෙරුම සහ පාඨලී චම්පික රණවක යන අය පෙරමුණ ගෙන සිටින බව මෑතදී ඔවුන් සිදු කළ ප්‍රකාශවලින් තහවුරු වී ඇත. ඊට අමතරව, කූඨ ලේඛන සකස් කර අධිකරණය ඉදිරියේ වැරදිකරුවෙකු වූ තිස්ස අත්තනායක, මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වූ චමින්ද විජේසිරි සහ කෝකටත් තෛලය ලෙස පාවිච්චි කරන මරික්කාර් යන අය ද සිටින බව පැහැදිලි වේ.
මෙම පිරිස අතරින් වැඩි දෙනෙකු මෑත දී සජිත් ප්‍රේමදාස සමඟ ගිවිසුම් අත්සන් කරමින් එක් වූවන් වීම විශේෂත්වයකි.
702










