ලෝක ආර්ථික අර්බදය විසදුමක් නොමැතිව ඉදිරියට යමින් ඇති අතර යුරෝපයේ විශේෂයෙන් එක්සත් රාජධානියටත් දැඩි බලපෑම් එල්ල කරමින් තිබේ.
විරැකියාව සීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇති අතර මේ වසරේ ජූනි – අගෝස්තු කාලය තුළ විරැකියාවෙන් පෙළෙන බ්‍රිතාන්‍ය වැසියන් සංක්‍යාව බිලියන 2.57 ක් (විසිපන්ලක්ෂ 70000) දක්වා ඉහළ ගොස් ඇත. මේ මාස 3ක කාලය තුළ 114000ක් දෙනා විරැකියා ගොඩට එකතු වී ඇත්තේ වසර 17ක් තුළ විරැකියාව ඉහළ අගයක් සටහන් කරමිනි.
වයස 16-24 තුළ විරැකියාවෙන් පෙළෙන ඉහලම අගය වන 21.3% අත්පත් කර ගෙන ඇත. එය ප්‍රමාණාත්මකව 991000කි.
සැප්තැම්බර් මාසයේදී විරැකියා සහනාධාර ලබන්නන්ගේ සංඛ්‍යාව මිලියන1.6ක් දක්වා ඉහළ ගොස් ඇති අතර අර්ධ කාලීන රැකියා කරන්නන්ගේ සංක්‍යාව වාර්තාගත ලෙස 175000 කින් අඩු වී තිබේ. වයස 65ට වැඩි රැකියා නියුක්තිකයිනගේ සංඛ්‍යාවද වාර්තාගත ලෙස 74000කින් ඉහළ ගොස් ඇත.ආර්ථික විශ්ලේෂකයින් පවසන්නේ එක්සත් රාජධානියේ ආර්ථිකය ප්‍රකෘති කරණයට පත්වීමක් මෑත අනාගතය තුළ දක්නට නොමැති තත්වයක් යටතේ විරැකියා ගොඩට එකතුවන පිරිස ඉදිරියේදී තව තවත් ඉහල යා හැකි බවත්ය.









