පොහොට්ටු පක්ෂ මන්ත්රීවරුන් විසින් පත්කර ගන්නා ලද ජනාධිපති රනිල් වික්රමසිංහ එක්සත් ජාතික පක්ෂයට අත්කර දී තිබෙන ඛේදනීය තත්වය පිළිබඳව දැඩි ප්රහාරයක් හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධනගේ මුනුපුරා එල්ල කර තිබේ.
යූටියුබ් නාළිකාවක සම්මුඛ සාකච්ඡාවකට එක්කර ගන්නා ලද රුක්ෂාන් ජයවර්ධන මෙම ප්රහාරය එල්ල කර තිබිණි. එම සාකච්ඡාව මෙහෙයවූ මාධ්යවේදියා නැගූ ප්රශ්නය සහ එයට ජේආර් ජයවර්ධනගේ මුනුපුරා ලබාදුන් පිළිතුර පහත දැක්වේ.
ප්රශ්නය – “ජේආර් සීයා ජීවත්ව සිටියා නම් එක්සත් ජාතික පක්ෂයට අද වෙලා තියෙන දේ ගැන එතුමා මොනවා හිතයිද සහ රනිල් වික්රමසිංහ මහත්තයාට මොන වගේ උපදෙසක් දෙයි කියලා ද ඔබතුමා හිතන්නේ?“
පිළිතුර – “පක්ෂයට අත්වෙලා තිබෙය ඉරණම ගැන දුක් වෙයි. මොකද පක්ෂය ඉතාම දුර්වල තත්වයට වැටුණාම 1956 පක්ෂය සම්පූර්ණයෙන්ම ගොඩ ගත්තේ සීයාගේ දැඩි පරිශ්රමයෙන් නිසා. ඉතින් රනිල් වික්රමසිංහට මොනවා කියයිද කියලා නම් කියන්න අමාරුයි. දැන් පක්ෂයේ මොකක්ද ඉතුරු වෙලා තියෙන්නේ?“
යනුවෙන් පිළිතුරු ලබා දී තිබේ.








