තම පියාගේ අඩිපාරේ යන බව කියන සහ ප්රේමදාස ලේ පිළිබඳව උද්දාමයෙන් ප්රකාශ කරන සමගි ජන බලවේගයේ නායක සජිත් ප්රේමදාස අමතක කරන අතීතය පිළිබඳව හිටපු ජනාධිපති ජේආර් ජයවර්ධනයේ මුනුපුරෙකු අතීත කරුණු හෙළිකර තිබේ.
මේ අකාරයට අතීතය හෙළිකරන්නේ රුක්ෂාන් ජයවර්ධන නම් මුනුපුරෙකු වන අතර ඔහු යූටියුබ් නාළිකාවක් සමඟ කළ සාකච්ඡාවකදී එම අතීතය හෙළිකර තිබේ.
“ප්රේමදාස ජනාධිපතිතුමා හැටියට පත් වෙනවා. ඔහු ගන්න තීරණ මම හිතන්නේ මුල ඉඳන්ම වැරදියි. එල්ටීටීඊ එක අපේ මිනිස්සු වෙන්න පුලුවන්. ලාංකිකයෝ වෙන්න පුලුවන්. හැබැයි කවදාවත් විශ්වාසයක් තියන්න පුලුවන් සංවිධානයක් නෙවෙයි. නමුත් ඒ විශ්වාසය මතම තමයි ඔවුන්ගේ යුද්ධ ප්රයත්නයට ශ්රී ලංකා ආණ්ඩුවේ ඍජු උදව් සහ ආයුධ ලබා ගත්තේ. ඉතින් අන්තිමේ මොනවද වුණේ, ඒ නායකයාට.“ යනාදී වශයෙන් අතීතය මතක් කර දී තිබේ.
1990 ජුනි මාසයේදී නැගෙනහිර පළාතේ පොලිස් ස්ථාන ආක්රමණය කළ එල්ටීටීඊ සංවිධානයට යටත් වෙන ලෙස එවකට ජනාධිපති රණසිංහ ප්රේමදාස නියෝග කළ අතර නිරායුධ කරන ලද පොලිස් නිලධාරීන් 600කට වැඩි පිරිසක් ඝාතනය කරන ලදී.








