ඩයනා සම්බන්ධ වලිවලට බලගතු ඇමතිවරයෙකුත් පැටලේ

ඩයනා සම්බන්ධ වලිවලට බලගතු ඇමතිවරයෙකුත් පැටලේ

ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මන්ත්‍රී ධුරය අහිමි කරන ලද ඩයනා ගමගේ සම්බන්ධයෙන් ආණ්ඩුව සහ සජිත් පිල අතර මේ වනවිට වාග් සංග්‍රාමයක් හට ගෙන තීව්‍ර වෙමින් පවතී.

මෙම වාග් සංග්‍රාමයට අලුතින් ම පැටලී සිටින්නේ ආරක්ෂක රාජ්‍ය ඇමති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ය. ඔහු පසුගිය 22 වෙනිදා පාර්ලිමේන්තුවේදී ඩයනා ගමගේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට ප්‍රහාරාත්මක ප්‍රකාශයක් සිදුකර තිබේ. “මේක අපේ ඇඟේ ගහන්න එන්න එපා. ඩයනා ගමගේ මන්ත්‍රිවරිය පත් කරන්න අත්සන් කළේත්, මේ පාර්ලිමේන්තුවට එව්වේත්, මැතිවරණ කොමසාරිස්ට නිර්දේශ කළේත් සමගි ජන බලවේගයයි. ඊට පස්සේ සමගි ජන බලවේගය ඇති කර ගත්තු දේශපාලන පලහිලව්වක ප්‍රතිඵලයක් විදිහට එතුමියට මන්ත්‍රීකම නැති වෙන්න ඇති.“ ආදී වශයෙන් කරුණු දක්වා තිබේ.

මේ අතර සජිත් පිලේ තවත් ක්‍රියාකාරිකයෙක් අධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරමින් ඩයනා ගමගේ අධිකරණයට අපහාස කර ඇති බවට අලුතින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.

Facebook
Twitter
LinkedIn