මුදල් වංචාවක් සම්බන්ධයෙන් අත්තඩංගුවට ගන්නා ලෙස අධිකරණ නියෝග ලබා සිටින සමගි ජන බලවේගයේ ක්‍රියාකාරිනි දමිතා අබේරත්න මේ දක්වා සොයා ගැනීමට නොහැකිවීම පිළිබඳව පොලිස් දෙපාර්තමේන්තුව තුළ ම ප්‍රබල සාකච්ඡාවක් මතු වී තිබේ.
දමිතා අබේරත්න රංගන ශිල්පිනියට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ කලා කටයුතු සහ කලාකරුවන් සම්බන්ධීකරණය කිරීමේ කටයුතු පවරා තිබිණි. සජිත් ප්‍රේමදාස සහභාගී වන සමගි ජන බලවේගයේ රැස්වීම්වල මුල් පෙලේ කතිකයෙකු ලෙසත් ඇය ක්‍රියා කළා ය.
ඇයව අත්තඩංගුවට ගන්නා ලෙස නියෝග නිකුත් කර දින 10කට වැඩි කාලයක් මේ වනවිට ගතවී තිබේ.
Views: 0









