පොලීසියට බාධාකළ කොඩිකාර අත්අඩංගුවට

බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාපරිශ්‍රයේ පැවැත්වෙන ජනාධිපති කොමිසමේ රාජකාරියේ නිරත පොලිස් නිලධාරීන්ට බාධා කිරීමේ චෝදනාවට සැකපිට බස්නාහිර පළාත් සභාවේ හිටපු ඇමැති උපාලි කොඩිකාර මහතාව කුරුඳුවත්ත පොලිසිය මගින් අද (19) අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය 16වනදා සිදුවූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඔහුව අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය පවසයි.

පසුගියදා ප්‍රකාශයක් ලබාදීමට හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි ජනාධිපති පරීක්ෂණ කොමිසමට පැමිණි අවස්ථාවේදී කොඩිකාර මහතාද එහි පැමිණ සිටියේය.

එහිදී පොලීසිය විසින් සිදුකළ සෝදිසි කිරීමේදී හෙතෙම එම කටයුතුවලට බාධාවන අයුරින් හැසිරුණු බවට චෝදනා එල්ල වී ඇති අතර එම සිදුවීමට අදාල වීඩියෝද නිකුත්වී තිබිණ.

ප්‍රකාශයක් ලබාදීම සඳහා පැමිණෙන ලෙසට කලින් කළ දැනුම්දීමක් අනූව උපාලි කොඩිකාර මහතා අද පෙරවරුවේ කුරුඳුවත්ත පොලිසියට පැමිණි අවස්ථාවේ හෙතෙම අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ඒකකය පැවසීය.

Facebook
Twitter
LinkedIn