ලොකුගේ ලොකු විහිලුවක් කරයි

වමේ බලයක් ගොඩනැගීම සඳහා “විශාල පෙරමුණක්” ගොඩනගන බව හිටපු අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා පවසයි.

ජිනීවා යෝජනා පදනම් කරගනිමින් සිය පාක්ෂිකයන් දැනුවත් කිරීම සඳහා හිටපු අමාත්‍ය ගාමිනී ලොකුගේ, හිටපු මහ ඇමති ප්‍රසන්න රණතුංග හා හිටපු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ඇතුළු පිරිසකගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති හමුවකදී ගාමිණී ලොකුගේ මහතා මේ බව පැවසා තිබේ.

ජාතික සේවක සංගමයේ සාමාජිකයන් යොදවා 1980 ජූලි වැඩවර්ජකයන්ට පහරදෙමින් කම්කරුවන්ගේ ඔලු පැලූ, අතපය කඩා දැමූ, එදිරිවීර සරත්චන්ද්‍රයන් වැනි සාහිත්‍යධරයන්ට පරදුන් 88,89ය වකවානුවේ වමේ බලයක් වෙනුවෙන් සංවිධානය වෙමින් සිටි තරුණ තරුණියන්ය ඝාතනය කළ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකුව සිටි ගාමිනී ලොකුගේ වැන්නකු වමේ බලයක් ගොඩනැගීම ගැන කතා කිරම විහිලුවක් බව දේශපාලන විචාරකයෝ පවසති.

ගාමිනී ලොකුගේ මහතා සඳහන් කරන අධිරාජ්‍යවාදය සම්බන්ධයෙන් “විශාල පෙරමුණක්” ගොඩනැගීම සඳහා එක් වී ඇති කණ්ඩායම දෙස බලද්දීද පෙනී යන්නේ එම පෙරමුණම විහිලුවක් බවට පත්ව ඇති ආකාරයයි.

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ජනාධිපතිව සිටි සමයේ ගෙන එන ලද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත (පැකේජය) සකස්කල, එම පැකේජය රැගෙන රට පුරා යමින් සම්මන්ත්‍රණ පැවැත්වූ ජී.එල්. පීරිස් මහතා මෙම “විශාල පෙරමුණේ” ලේකම් වරයා බවට පත්ව සිටී. 13වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට මුලුමනින්ම සහාය දක්වමින් 13ට එහා ගිය බලයක් පළාත් සභාවලට ලබා දියයුතුයැයි පක්ෂ මධ්‍යමකාරක සභාවේ පවා තීන්දු තීරණ ගෙන ඇති ඩිව් ගුණසේකර මහතාද මෙම පෙරමුණේ මූලිකයෙකුව කටයුතු කරමින් සිටීම තවත් විහිලුවක් බව එම විචාරක මතය වී තිබේ.

මෙම සියලු කරුණු දෙ බැලීමේදී පෙනී යන්නේ මොවුන් එකිනෙකා එකිනෙකා මත යැපෙමින් දේශපාලනයේ රැඳී සිටීමට උත්සාහයක නිරතව ඇති බවය.

Facebook
Twitter
LinkedIn