තමිලිනී පිළිකාවකින් මරුට

හිටපු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ කාන්තා දේශපාලන අංශ නායිකා ශිව සුබ්‍රමනියම් ශිවහාමි නොහොත් තමිලිනි මහරගම පිළිකා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද (18) මිය ගිය බව පොලිසිය පවසයි.

අක්මාවේ පැවති දරුණු පිළිකාවකින් පිඩා විදි බව වෛද්‍යවරු පවසති.

ඇය කිලිනොච්චි පරත්තන් ප්‍රදේශයේ ස්ථිර පදිංචිකාරියක අතර එංගලන්තයේ සිට පැමිණි බව කියන මහාදේවන් ජේ. කුමාර් නැමැති අයෙක් අද (18) පෙරවරු 9.30ට පමණ මළ සිරුර රැගෙන ගිය බව පැවසේ.

මියයන විට 43 හැවිරිදි වියේ පසුවු තමිලිනි 1991 වසරේ එල්.ටි.ටි.ඊ. සංවිධානයට සම්බන්ධ වී ඇති අතර ඉන් අනතුරුව එහි කාන්තා අංශයේ දේශපාලන නායිකාව ලෙස කටයුතු කර තිබිණ.

2009 වසරේ මැයි මාසයේ දි ආරක්ෂක අංශ විසින් එල්.ටී.ටී.ඊ.ය පරාජය කිරීමෙන් අනතුරුව වව්නියාව අවතැන් කඳවුරක සිටියදී විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් තමිලිනි අත්අඩංගුවට ගැණින.

ඉන් අනතුරුව වව්නියාව පූන්තෝට්ටම් පුනරුත්තාපන කඳවුරේ වසරක කාලයක් රඳවා තැබීමෙන් අනතුරුව 2013 වසරේ ජුනි මාසයේ දී ඇය සමාජ ගත කෙරුණි.

Facebook
Twitter
LinkedIn