අල්ලස් ගත් රේගු ලොක්කන් තිදෙනෙක් දැලේ

ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් දොලොස්කෝටි පනස් ලක්ෂයක (රු. 125,000,000) පගාවක් ගැනීමට තැත් කළැයි රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා යන රේගු නිලධාරීන් තිදෙනා සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කියයි.

ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා මෙම මුදල අල්ලසක් ලෙස ඉල්ලා ඇතැයි කොමිසම කියයි.

Facebook
Twitter
LinkedIn