ආසියානු දේශපාලන පක්‍ෂ සමුළුවට ජ.වි.පෙ.න් අනුර චීනයට

චීනයේ බීජිං හි අද(14) ඇරඹෙන මුහුදු සේද මාවත පිළිබඳ ආසියානු දේශපාලන පක්‍ෂවල විශේෂ සමුළුවට සහභාගී වීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් ජ.වි.පෙ. නායක අනුර දිසානායක මහතා ඊයේ(13) චීනය බලා පිටත් වූ බව ජවිපෙ මාධ්‍ය ඒකකය සඳහන් කරයි.

චීන කොමියුනිස්ට් පක්‍ෂය විසින් සංවිධානය කර ඇති මෙම සමුළුව එළඹෙන 16වැනි දින දක්වා පැවැත්වේ.

මෙම සමුළුවට රටවල් 31ක දේශපාලන පක්‍ෂ නියෝජිතයින් 60 දෙනෙක් සහභාගී වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn