BOI දේපළ රාජපක්ෂවරුන් අයිතිකරගෙන

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ විසින් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සතු නිවාස සංකීර්ණයක් අයුතු ලෙස පාවිච්චිට ගෙන ඇති අතර එය ආපසු ලබා නොදී මේ දක්වා කරමින් සිටින බව වාර්තා වේ.

මේ වනවිට එහි එක් දෙමහල් නිවසක් හිටපු පාර්ලිමේන්තු ජාතික ලැයිස්තු මන්ත්‍රීණියක් වන කමලා රණතුංග මහත්මියට නාමල් රාජපක්ෂ විසින් ලබා දී ඇති අතර ඇය එම නිවස අයුතු ලෙස භුක්තිවිඳින සිටින බව වාර්තා වේ.

එම නිවාස සංකීර්ණය තුළ තවත් නිවාස 3ක් එසේ කිසිදු නීත්‍යානුකූල බවකින් තොරව නාමල් රාජපක්ෂගේ පුද්ගලික රියදුරාට, නිල් බලකායේ සම්බන්ධීකාරකයකුව සිටි ගොවිජන සේවා නිලධාරියෙකුට සහ නාමල් රාජපක්ෂගේ සම්බන්ධීකරණ ලේකම් වරයෙකුට ලබා දී ඇතැයි පැවසේ.

මේ මොහොත වන විටත් ඔවුන් එහි පදිංචිව සිටින බවද පැවසේ.

කිහිප වරක්ම මෙම නිවාස භාර දෙන ලෙස ආයෝජන මණ්ඩලය ලිපි යවා ඇතිමුත් දැනට එම නිවාස භාර දීමට කටයුතු කර නැති අතර, ආයෝජන මණ්ඩලයේ මිරිජ්ජවිල කාර්යාලයේ නිලධාරීන් වෙත බලපැම් වරදාන පිදේනි දෙමින් එම පවරා ගැනීම් කටයුතු ප්‍රමාධ කර ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ.


Facebook
Twitter
LinkedIn