යහපාලනයත් මහින්ද චින්තන අඩිපාරේමද

රාජ්‍ය, පෞද්ගලික, වතු කෂේත‍්‍රවල වැඩකරන ජනතාවගේ වැටුප් වැඩිකිරීම, වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා ඊයේ (12) රාත‍්‍රියේ පෝස්ටර් අලවමින් සිටි වෘත්තීය සමිති නියෝජිතයින් දෙදෙනෙකු යහ පාලන ආණ්ඩුවේ කඩවත පොලිසිය මහින්ද චින්තන අඩිපාරේ යමින් අත්අඩංගුවට ගෙන ඇත.

ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මේ සම්බන්ධයෙන් විරෝධය පලකරන අතර වගකිව යුතු වෘත්තීය සමිතියක් ලෙසින් සියළු වැඩකරන ජනතාවට අදාලව මෙම පෝස්ටර් ව්‍යාපාරය සිදු කළ බවද එයට බාධා කිරීම සඳහා කිසිදු නීතිමය ඉඩක් නැති බවද පවසා සිටී.

රට තුල වන යම් යම් සිදුවීම් සඳහා පොලිසියේ මැදිහත්වීම සම්බන්ධව පසුගිය කාලය පුරා ජනතා දෝෂදර්ශනයට ලක්වූ අවස්ථා  ඕනෑතරම් තිබෙන බවද මෙවැනි අත්තනෝමතික ක‍්‍රියාවන් මගින් පෙන්වනුයේද පොලිසියේ එවැනි ජනතාවට සමීපවීමේ ඉඩ තව තවත් දුරස් කර ගැනීමේ පිළිවෙතක් බවද එබැවින් පොලිසියේ මැවැනි තත්වයන් සම්බන්ධයෙන් එම මධ්‍යස්ථානය විසින් වර්තමාන ආණ්ඩුවේ ඇතුළු බලධාරීන්ගේ අවධානය යොමුවනු ඇතැයි අපේක්‍ෂා කර සිටින බවද පවසා සිටී.


Facebook
Twitter
LinkedIn