සියාම් ඝාතන නඩුවේ අවසන් තීන්දුව නොවැම්බර 27

බම්බලපිටිය ව්‍යාපාරික මොහොමඩ් සියාම් පැහැරගෙන ගොස් මරා දැමීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන හා ඔහුගේ පුත්‍රයා ඇතුළු හය දෙනකුට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර 27 වැනි දා ප්‍රකාශයට පත් කිරීමට ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද තීරණය කර තිබේ.

අදාළ නඩුව අද (12) කැඳවූ අවස්ථාවේදී නඩු කටයුතු අවසන්වී ඇති බැවින් තීන්දුව ප්‍රකාශයට පත් කළ හැකි බව අධිකරණයේ තීරණය කර ඇත.

2013 වසරේ මැයි මස 21 වන දින කොළඹ සහ තදාසන්න ප්‍රදේශවලදී මොහොමඩ් සියාම් ඝාතනය කිරීම, ඊට කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන යාම සහ සාක්ෂි වසන් කිරීම ඇතුළු චෝදනා අටක් යටතේ නීතිපතිවරයා විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන, ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන සහ තවත් පොලිස් කොස්තාපල්වරුන් සිව් දෙනෙකුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබුණි.

Facebook
Twitter
LinkedIn