ඉරාන විප්ලවීය හමුදාව අද (12) දිනයේ කිලෝමීටර් 1700ක් දුර යා හැකි බැලස්ටික් මිසයිලයක් අත්හදා බලා තිබෙන බව වාර්තා වේ.
ඉරානයේ ටෙහෙරාන් නුවරදී මෙම මිසයිලය අත්හදා බැලීම සිදු කර තිබෙන අතර කිලෝ ග්‍රෑම් 750ක් බර පුපුරණ ද්‍රව්‍ය ඒ තුළ ගෙනයා හැකි බව පැවසේ. පසුගිය සමයේ ඉරානය සතු යුද ශක්තිය පිළිබඳව දැඩිලෙස කතාබහට ලක්ව වූ අතර න්‍යෂ්ටික අවියක් නිපදවීමේ උත්සාහයක නිරත වන බව පවසමින් ඉරානයට එරෙහිව ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් දැඩි සම්බාධක පැනවීම් පවා සිදු කළේය.
එවැනි වටපිටාවක් තුළ ඉරානය සිදු කළ මෙම බැලස්ටික් මිසයිල අත්හදා බැලීම සිය යුද ශක්තිය ලොවට පෙන්වීමක් බව දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.
Views: 0









