ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවට රුපියල් මිලියන දෙදහසක් පමණ පොලු තැබූ ණයකරුවන් එකොළහකට එරෙහිව නඩු පැවරූ බව එම බැංකුවේ වත්මන් සභාපති ලසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කර තිබේ.
මහින්ද රාජපක්ෂ පාලන සමයේ තම සමීපතමයන්ට ලංකා පුත්‍ර බැංකුව හරහා ණය ලබා දීම සිදු කර තිබෙන අතර කිසිදු ඇපයක් නොමැතිව දැවැන්ත මුදලක් මෙලෙස ලබා දී තිබේ. එම බැංකුව හරහා ලබා දී තිබෙන විශාලම ණය මුදල රුපියල් මිලියන පන්සිය අසූවකි.
රාජපක්ෂ පාලන සමයේ මුදල් අමාත්‍යංශයේ හිටපු නිලධාරියකුගේ බලපෑම මත මෙම දැවැන්ත මුදල මුදා හැරීමට කටයුතු කර ඇති බව මේ වනවිට හෙළි වී තිබේ. එසේම ලංකා පුත්‍ර සංවර්ධන බැංකුවට තම හිතවතුන්ට ණය මුදල් ලබා දෙන ලෙසට මැති ඇමතිවරුන් සිදු කළ බලපෑම් හමුවේ මෙලෙස ණය මුදල් ලබා දී ඇති බවත් අනාවරණය වේ.
වත්මන් ආණ්ඩුව පත්වූයේ රාජපක්ෂ පාලනයේ සිදු වූ මහා පරිමාණ වංචා, දූෂණ සිදුකරනු ලැබූවන්ට දඬුවම් ලබා දෙන බවට දිවුරා ප්‍රකාශ කරමින් වුවද මේ වනවිට සිදු වෙමින් තිබෙන්නේ හොරුන් සමග එකඟතාවයකින් කටයුතු කරමින් ජනතාව ලබා දුන් ජනවරමට පිටුපා කටයුතු කිරීමය. රාජපක්ෂ පාලන සමයේ සිදු වූ දැවැන්ත වංචා, දූෂණ රැසක් පිළිබඳව විමර්ශන සිදුකර අවසන්වී ඇතත් මේ වනතෙක් කිසිවෙකුටත් එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම හරහා ඒ බව වඩා හොඳින් තහවුරු වන්නේ යැයි දේශපාලන නිරීක්ෂකයෝ පෙන්වා දෙති.









