2005 සැප්තැම්බර් 01 දින සිට 2015 වසරේ අගෝස්තු 31 වැනි දින දක්වා කාලය තුළ අවම වශයෙන් මාධ්‍යවේදීන් පස් දෙනෙකුවත් ඝාතනය වී ඉන් එකඳු ඝාතනයක අපරාධකරුවකුට දඬුවම් ලබා නොදුන් රටවල් කිහිපය අතර ශ්‍රී ලංකාවද තිබෙන බව සීපීජේ (Committee to Protect Journalists) ආයතනය විසින් නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ.
මේ බව සඳහන් වන්නේ ඔවුන්ගේ 2015 වර්ෂය සඳහා නිකුත් කළ නවතම වාර්තාව මගිනි. එහි ශ්‍රී ලංකාව හය වන ස්ථානයේ පසුවන අතර ශ්‍රී ලංකාවේ පසුගිය රාජපක්ෂ පාලන සමයේ මාධ්‍යවේදීන් රැසක් ඝාතනය වූ අතර මෙතෙක් එම ඝාතනයන්ට සම්බන්ධ කිසිවෙකුටත් දඬුවම් ලබා දී නොමැත.
Committee to Protect Journalists ආයතනය නිකුත් කර ඇති වාර්තාවේ ශ්‍රී ලංකාවට ඉදිරියෙන් සිටින අනෙකුත් රටවල් වන්නේ පිළිවෙලින් සෝමාලියාව, ඉරාකය, සිරියාව, පිලිපීනය, දකුණු සුඩානය වේ.
ලසන්ත වික්‍රමතුංග හා ප්‍රගීත් එක්නැලිගොඩ ඇතුළුව අවම වශයෙන් මාධ්‍යවේදීන් නව දෙනෙකු පමණ පසුගිය රාජපක්ෂ පාලන සමය තුළ ඝාතනයට ලක්වී හෝ අතුරුදන් වී ඇත.









