සිරියාවට රුසියාවේ යුධ සහාය?

මෑත දින කිහිපය තුළ විශාල රුසියානු හමුදා ප්‍රවාහන ගුවන්යානා තුනක් සිරියාවට ලඟාවීම පිළිබඳවත් මින් කුමන වර්‍ගෙය් භාණ්ඩ ප්‍රවාහනයක් සිදු වූවාද යන්න පිළිබඳවත් තමන් දැඩි විමසිල්ලෙන් සිටින බව ඇමරිකානු බලධාරීන් ප්‍රකාශා කර ඇතැවි විදෙස් වාර්තා සඳහන් කරයි.

එම ප්‍රකාශය අනුව මෙම ගුවන්යානා සිරියාවේ මධ්‍යදරණී මුහදු තීරයේ පිහිටි ලැටකියා ගුවන් තොටුපලට ගොඩ බස්සවා ඇති අතර ඉන් දෙකක් යෝධ අන්ටනෝව් 124 වර්ගයේ වන අතර එක් යානයක් මගී යානයක් බව පැවසේ.

සිය ගණනකට රැඳී සිටිය හැකි නිවාස ඒකක මෙන්ම ගුවන් ගමන් මෙහෙයවිය හැකි ජංගම උපකරණයක්ද මෙම භාණ්ඩ තොගයට අයත් ව තිබූ බවද පැවසේ.

 

මේ අනුව මොස්කව් පාලනය සිරියාවේ බෂාරි අල් අසාද් පාලනයට යුධමය සහය දැක්වීම සඳහා මෙම ගුවන් තොටුපල යොදාගැනීමට සැලසුම් කර ඇති බව වොෂ්න්ටන් බලධාන් අනුමාන කරමින් ඇති බව ප්‍රකාශ වී ඇත.

Facebook
Twitter
LinkedIn