“යුරෝපය අර්බුදයන් තුළ ඉදිරියට ඇදෙනු ඇත.” යන ප්‍රකාශය යුරෝපා සංගමයේ කතෘත්වය හිමි ජිනී මෙනවිය විසින් පවසා තිබුනද ගොඩනැ`ගී ඇති නූතන කළබළකාරී කුණාටු තුළ මහාද්වීපය කැබලි වී යෑමේ අනතුරකට මුහුණ පා ඇතැයි වාර්තාවේ.
“දිනෙන් දින දරුණු වන සරණාගත ප්‍රශ්නයත්, නියත බිඳවැටීමකට ලක්වී ඇති ‘යුරෝවත්’ සහ යුක්රේන අර්බුදයක් තුළ එකවිට එන අර්බුදවලට මුහුණ දෙමින් සිටින යුරෝපා නායකයන්ගේ අසමගිය විසින් යුරෝපා සංගමයේ හදවතටම පහර වදිමින් ඇත” යනුවෙන් හිටපු බෙල්ජියම් අගමැති සහ වත්මන් යුරෝපා පාර්ලිමේන්තුවේ නිදහස් පිළ මෙහෙයවන නායකයා වන ගයි වරිහොන්ඩස්ට් පවසා ඇත.
අන්නෝන්‍ය සහයෝගය සහ මානුෂීය බව වෙනුවට, සිරියාව, ඇෆ්ගනිස්ථානය සහ ඉරාකය යන රටවලින් බිහිවෙමින් ඇති සරණාගත ජනතාවට රැකවරණය සැලසීමේදී යුරෝපා රටවල ප්‍රධානීන් අතර ඇතිවී ඇති සියුම් කළහයන් ද යුරෝපයේ නැගෙනහිර සහ බටහිර රටවල් අතර දැනටමත් ඇති වී ඇති දුරස්ථභාවය වඩාත් තීව්ර කරමින් ඇති බවද ප්‍රකාශ වී ඇත.









