ටෝනි ඇබට්ට අගමැති ධූරය අහිමි වෙයි

ඕස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබට්ට අද (14) සිය අගමැති ධූරය අහිමි වී තිබේ. ඒ පක්ෂය අභ්‍යන්තරයේ පැවැති ඡන්ද විමසීමකදී ජනමාධ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වූ මැල්කම් ටර්න්බුල් හට පරාජයට වීමත් සමගිනි.

අද පැවැති ඡන්ද විමසීමේදී හිටපු කැබිනට් ඇමතිවරයා ඡන්ද 54 ක්ද අගමැති ටෝනි ඇබට් ඡන්ද 44ක්ද ලබා ගැනීමට සමත් වී තිබේ. ඒ සමගින් ඉදිරි වසර දෙකක කාලය සඳහා ඕස්ට්‍රේලියාවේ අගමැතිවරයා ලෙස මැල්කම් ටර්න්බුල් පත්වීමට නියමිතය.

ටෝනි ඇබට්ගේ ආර්ථික පිළිවෙත හා ඔස්ට්‍රේලියාවේ බටහිර කැනන් හි අතුරු මැතිවරණයේදී කම්කරු පක්ෂය පෙන්වූ දුර්වල නායකත්ව අභියෝගයට ලක්කර ඇති හිටපු ජනමාධ්‍ය කැබිනට් ඇමතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වී අගමැති ධූරය සම්බන්ධයෙන් ඡන්දයක් පවත්වන ලෙස ඉල්ලා තිබේ. පසුව ඔහුගේ සහායට විදේශ අමාත්‍ය ජූලි බිෂොප් ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව පැවැති ඡන්ද විමසීමකදී ටෝනි ඇබට් අගමැතිවරයාට සිය ධූරය අහිමි වී තිබේ.

Facebook
Twitter
LinkedIn