හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය අද (14) පෙරවරුවේ කැඳවා ප්‍රශ්න කරමින් තිබෙන බව වාර්තා වේ.
ඩී.ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරීම සඳහා පහත් බිම් සංවර්ධන මණ්ඩලයට අයත් රුපියල් මිලියන 90ක මුදලක් වැය කිරීම සම්බන්ධයෙන් මෙලෙස කැඳවා ගෝඨාභය රාජපක්ෂගෙන් ප්‍රශ්න කරන බව පැවසේ. නාමල් රාජපක්ෂ කැඳවා ඇත්තේ මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා බවත් පැවසේ.
රාජපක්ෂ පාලන සමයේ රජයට අයත් පොදු දේපල හා සම්පත් රාජපක්ෂ පවුලේ වුවමනාවන් වෙනුවෙන් බරපතල ලෙස යොදා ගැනීම සම්බන්ධ තොරතුරු මේ වනවිට හෙළිදරව් වෙමින් තිබෙන අතර ජනතා මුදල් මෙලෙස නාස්ති කිරීම පිළිබඳ පරීක්ෂණ කඩිනම් කල යුතු බවට ආණ්ඩුවට ජනතාව බලකර සිටි.
Views: 0









