Video: ඡන්දය ගන්න දෑල බණ්ඩාර අල්ලස් දුන් බවට බරපතල චෝදානා

පසුගිය අට වැනිදින පැවැති ඓතිහාසික මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේවරයා තෝරාගැනීම සඳහා පැවැති නිලවරණයේදී ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර ඡන්දය ලබා ගැනීම වෙනුවෙන් තමන්ට ලක්ෂ පහක අල්ලස් මුදලක් ලබා දීමට තැත් කළ බව අවුකන රජමාහා විහාරාධිපති ශ්‍රාස්තවේලියේ ධම්මකිත්ති හිමියන් ඊයේ (13) මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේය.

එහිදී උන්වහන්සේ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මේ පිළිබඳව බෞද්ධ කටයුතු කොමසාරිස් ජෙනරාල්වරයාට එම අවස්ථාවේදී විරෝධතා ගොණු කිරීමට කටයුතු කළත් ඒ පිළිබඳ කොමසාරිස්වරයා කිසිදු සැලකිල්ලක් නොදැක්වූ බවත් බෞද්ධ කටයුතු කොමසාරිස්වරයා සැලසුම් සහගතව මෙම නිලවරණය පැවැත්වීමට මැදිහත්වී  ඇති බවයි. එසේම මෙම නිලවරණය ඉතා දූෂිත එකක් බවද උන්වහන්සේ එම මාධ්‍ය හමුවේදී අවධාරණය කර සිටියේය.

ඊට අමතරව පසුගියදා අස්ගිරි පාර්ශවයේ මහානායක ගලගම ශ්‍රී අත්තදස්සී නාහිමියන්ද අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ දියවඩන නිලමේවරයා තෝරාපත් කර ගැනීමේ ක්‍රමවේදය වෙනස් විය යුතු බවය.

දළදා මාලිගයේ සියලු වත්කම්වල ගිහි භාරකාරත්වය දියවඩන නිලමේවරයාට හිමි වන අතර පසුගිය කාලයේ දළදා මාලියට අයත් ඉඩම් විකිණීම සම්බන්ධයෙන් ප්‍රදීප් නිලංග දෑල බණ්ඩාර දියවඩන නිලමේවරයාට එරෙහිව චෝදනා එල්ල වී තිබේ. ඒ පිළිබඳව මූල්‍ය අපරාධ කොට්ඨාශය ඔහු කැඳවා ප්‍රශ්න කිරීම් සිදු කළ අතර දළදා මාලිගයේ දියවඩන නිලමේ තනතුර ආගමික වුවමනාවෙන් නොව ධනය රැස්කරගැනීමේ වුවමනාවෙන් යොදා ගන්නා බවට මේ වනවිට වඩාත් හොදින් තහවුරු වී තිබේ.

Facebook
Twitter
LinkedIn