උසස් පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂාව ඇරඹේ!

සැප්තැම්බර් මස මුල් සතියෙන් අවසන් වූ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උ/පෙළ) විභාගයේ උත්තර පත්‍ර ඇගයීමේ පළමු අදියර අද (12) සිට මේ මස 25 වැනි දින දක්වා සිදු කරන බව විභාග කොමසාරිස් ජෙනරාල් පවසයි.

මෙවර පිළිතුරු පත්‍ර ඇගයීම සඳහා පාසල් 23ක් හා ගුරුවරුන් 7600ක් යොදා ගන්නා බවත් පාසල් 8ක් සම්පූර්ණයෙන්ම පිළිතුරු පත්‍ර පරීක්ෂාවට යොදා ගන්නා නිසා වසා තැබෙන බවත් විභාග කොමසාරිස් ජෙනරාල්වරයා පවසයි.  ඊට අමතරව දිස්ත්‍රික් 17ක නගර 20 කදී මෙම ඇගයීම් කටයුතු සිදු කෙරෙන අතර පිළිතුරු පත්‍ර ඇගයීමේ දෙවන අදියර ලබන 27 වැනි දින සිට ඔක්තෝම්බර් 08 වැනි දින දක්වා ක්‍රියාත්මක කරන බව වැඩිදුරටත් ඒ මහතා මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

Facebook
Twitter
LinkedIn