මෙවර පාර්ලිමේන්තුවට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තේරීපත් වූ ගීතා කුමාරසිංහ මහත්මියට ද්විත්ව පුරවැසිභාවයක් පවතින බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පොලිස් මූලස්ථානයේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනය කරන බව වාර්තා වේ.
අදාළ පැමිණිල්ල පොලිස්පති එන්. කේ. ඉලංගකෝන් මහතා වෙත ඉදිරිපත් කර ඇතැයි පැවසෙන අතර විමර්ශනයට අදාළ තොරතුරු මැතිවරණ කොමසාරිස්වරයාගෙන් හා ආගමන විගමන පාලකවරයාගෙන් ලබා ගැනීමට නියමිත බව පැවසේ.
19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ද්විත්ව පුරවැසිභාවය සහිත පුද්ගලයින් හට පාර්ලිමේන්තුව මැතිවරණය සඳහා ඉදිරිපත් විය නොහැකි අතර මැතිවරණයට ඉදිරිපත් වන්නේ නම් තමන් පුරවැසිභාවය නියෝජනය කරන අනෙක් රටෙන් පුරවැසිභාවය අහෝසි කර යුතු වේ. එසේ ද්විත්ව පුරවැසිභාවය සහිතව පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජයග්‍රහණය කරනු ලැබූ තැනැත්තෙකු පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ නම් ඔහුගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමේ හැකියාව පවතින බව පැවසේ.
ගීතා කුමාරසිංහ මහත්මියට ස්විස්ටර්ලන්තයේ හා ශ්‍රී ලංකාවේ පුරවැසිභාවය තිබෙන බව වාර්තා වේ. එසේම ස්විස්ටර්ලන්තයේ පුරවැසිභාවය සහිත පුද්ගලයකුට එය එක වර අහෝසි කිරීමේ හැකියාවක් නොමැති බවත් ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගත කිරීමට සිදුවන බවත් පැවසේ.
අදාළ චෝදනාවට ගීතා කුමාරසිංහ මහත්මිය වැරදිකරු වුවහොත් ඇයට පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහිමි වීම සිදු වනු බව පැවසේ.









