නීති විරෝධීව අලි පැටවකු සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්රී කිත්සිරි කහටපිටිය ලබන 14 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
කිත්සිරි කහටපිටිය මන්ත්රීවරයා බලපත්රයක් නොමැතිව අලි පැටවකු සන්තකයේ තබා ගෙන සිටින බවට වනජීවි නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත සිදු කළ පරීක්ෂාවකදී පසුගිය ජනවාරි 01 වැනි දින මෙම අලි පැටවා සොයා ගැනීමට හැකි වී තිබේ. අලි පැටවා සොයා ගන්නා අවස්ථාව වන විටද අලි පැටවාගේ පාදවල තුවාල තිබී ඇත.
ඊයේ (11) දිනයේදී මන්ත්රීවරයා පොලිසිය වෙත භාරවීමෙන් අනතුරුව හොරණ අධිකරණයට ඉදිරිපත් කර තිබේ. එහිදී මහේස්ත්රාත්වරයා නියෝග කර ඇත්තේ ලබන 14 වැනි දින දක්වා මන්ත්රීවරයා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසය.
Views: 0









