රනිල්ගේ රට සවාරිය – ජායාරූප සාක්ෂි මෙන්න

රනිල්ගේ රට සවාරිය – ජායාරූප සාක්ෂි මෙන්න

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ වනවිට යෙදී සිටින විදේශ සංචාර සඳහා ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් රැසක් ද සහභාගී කර ගෙන තිබෙන ආකාරය ඡායාරූප මගින් හෙළි වෙමින් තිබේ.

විදේශ ඇමති මොහොමඩ් අලි සබ්‍රි, රාජ්‍ය ඇමති චාමර සම්පත් දසනායක, වීරවංශ පිලේ නිමල් පියතිස්ස, සමගි ජන බලවේගයේ මන්ත්‍රී කිංග්ස් නෙල්සන්, කුමාරසිරි රත්නායක, උදයකාන්ත ගුණතිලක ඇතුළු පිරිසක් පිළිබඳව මේ වනවිට හෙළිවී තිබේ. ඊට අමතරව ජනාධිපති ජේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ද සිටින බව දැනට තහවුරු වී ඇත.

දකුණු අප්‍රිකා ජනාධිපති සිරිල් සමපෝසා සමඟ පවත්වන ලද නිල සාකච්ඡාව පිළිබඳ ඡායාරූපය ඒ අතරින් සුවිශේෂී වී ඇත. දකුණු අප්‍රිකාවේ ජනාධිපතිවරයා සමඟ එම සාකච්ඡාවට එක්වී සිටින නියෝජිතයින් සංඛ්‍යාව 6 දෙනෙකුට සීමාවී තිබේ. එහෙත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ අවම වශයෙන් 11 දෙනෙකු ඒ සංචාරය සඳහා සහභාගී වී සිටින ආකාරය ඡායාරූපයකින් හෙළි වේ.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්