එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිව්යෝර්ක්හි පිහිටි මූලස්ථානයේ පළමු වරට පලස්තීන ජාතික ධජය එසවීමට ඊයේ (10) දිනයේදී අනුමැතිය හිමි වී තිබේ.
ඒ සඳහා වන ඡන්ද විමසීමක්ද පැවැත්වී ඇති අතර එහිදී පක්ෂව රටවල් 119ක්ද, ඇමෙරිකාව ඊශ්‍රායලය ප්රමුඛ රටවල් 08ක් විරුද්ධවද ඡන්දය ප්‍රකාශ කර තිබේ. බ්‍රිතාන්‍ය ප්රමුඛ යුරෝපා සංගමයේ රටවල් 45ක් ඡන්දය දීමෙන් වැළකී ඇත. එසේ වුවද ප්‍රංශය, ස්වීඩනය, ඉතාලිය, ස්පාඤ්ඤය යන යුරෝපා රටවල් පලස්තීනයට සහාය පළ කරමින් ඡන්දය ප්‍රකාශ කිරීම විශේෂත්වයකි.
මෙම තත්වය පිළිබඳව අදහස් දක්වා ඇති එක්සත් ජාතීන්ගේ සංවිධානයේ පලස්තීන නියෝජිත රියාද් මන්සූර් ප්‍රකාශ කර ඇත්තේ පලස්තීන රාජ්‍ය තහවුරු කිරීම වෙනුවෙන් ලැබූ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලෙස මෙය සැලකිය හැකි බවය. මේ වනවිට පලස්තීනය රාජ්‍යයක් ලෙස ලෝකයේ රටවල් 135ක් පිලිගෙන ඇති අතර ඉන් බහුතරය අප්‍රකාව හා ආසියාව නියෝජනය කරනු ලබයි.
දශක කිහිපයක සිට පලස්තීනයට එරෙහිව ඇමෙරිකානු ආරක්ෂාව හා සහයෝගය මැද ක්‍රියාත්මක වන ඊශ්‍රායලය මේ වනවිට පලස්තීන රාජ්‍යයේ විශාල භූමී ප්‍රමාණයක් ආක්‍රමණය කර අත්පත් කරගෙන සිටී. පලස්තීනුවන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරමින් එළිමහන් සිරකඳවුරක ස්වභාවයෙන් ඔවුනට ජීවත් වීමට සිදුව තිබේ. ඊශ්‍රායලය ගෙන යන මෙම කුරිරු ක්‍රියාකාරකම්වලට එරෙහිව ලොව පුරා පලස්තීනයේ ජනතාවගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කිරීම වෙනුවෙන් දැවැන්ත හඬක් නැගෙමින් තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස ඇමෙරිකානු විරෝධය හමුවේ වුවද එක්සත් ජාතීන්ගේ සංවිධානයට පලස්තීන රාජ්‍ය වෙනුවෙන් පෙනී සිටීමට මේ වනවිට සිදු වී තිබේ.









