
උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව දෙමළ ජාතික සන්ධානයෙන් යෝජනාවක් ඉදිරියේදී පළාත් සභාවට ඉදිරිපත් කිරීමේ සූදානමක් පවතින බව අනාවරණය වේ.
දෙමළ ජාතික සන්ධනයේ පොදු මතයට එරෙහිව කටයුතු කිරීමත්, පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී දෙමළ ජාතික සන්ධානයේ ප්රචාරක කටයුතු වෙනුවෙන් මහ ඇමතිවරයා සම්බන්ධ නොවීම ඇතුළු මේ වනවිට එම සන්ධානයේ හට ගෙන ඇති අර්බුදයන්හි ප්‍රතිඵලයක් ලෙස මෙම දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කිරීමට නියමිතය.
උතුරු පළාත් සභාව නියෝජනය කරන ආණ්ඩු පක්ෂය වන්නේ දෙමළ ජාතික සන්ධානය වන අතර එහි බහුතර මන්ත්‍රීන් පිරිසක් මහ ඇමතිවරයාගේ ක්‍රියාකාරකම්වලට විරුද්ධ මතයක සිටින බව වාර්තා වේ. ඒ අනුව ඉදිරි දිනවලදී ඔහුට එරෙහිව දෝෂාභියෝග යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති බව පැවසේ.
Views: 0









