මහියංගනය නගරයේ පිහිටි රුපියල් කෝටි ගණනක් වටිනා රජයේ ඉඩම් සිය හිතවතුන්ට බෙදා දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම සඳහා ඌව පළාත් හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා අද (09 ) ජනාධිපති විශේෂ විමර්ශන කොමිසම වෙත කැඳවා තිබේ.
මහියංගනය නගරයේ තිබූ රජයේ ඉඩම් කීපයක්ම ටෙන්ඩර් පටිපාටියෙන් තොරව තම හිතවතුන් වෙත ලබා දී ඇති බවට හිටපු මහ ඇමැති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාට චෝදනා එල්ල වී ඇත.
එක්තරා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුගේ 17 හැවිරිදි දියණියට පවා මහියංගනය නගරයෙන් ඉඩමක් ලබා දී තිබෙන බවටද අදාළ විමර්ශනවලදි හෙළි වී තිබේ.
Views: 0









