මොරටුව තැපැල් කාර්යාලය පිටුපස වැසිකිළි වළක තිබී පසුගිය දා සොයාගනු ලැබූ ලිපි තොගය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
මෙම ලිපි තොගයේ ලිපි දස දහසකට අධික ප්‍රමාණයක් පවතින බවත් එයින් විශාල කොටසක් මහ මැතිවරණයේ අපේක්ෂකයින් විසින් යොමුකර ඇති ලිපි බවත් තැපැල් ආරංචි මාර්ග අනාවරණය කරයි. මෙම ලිපි තොගය මොරටුව ප්‍රදේශයේ බෙදා හැරීම සඳහා ලැබී තිබූ ලිපි තොගයක් බවත් අදාළ ස්ථානයට ගෙනැවිත් දැමූ පුද්ගලයින් පිළිබඳව මෙලෙස පරීක්ෂණ සිදු කරන බව පැවසේ.
Views: 0









