ජනතාවට මරු පහරක්!

නව ඇමති මණ්ඩලය පත් කිරීමත් සමග රුපියලේ අගය විශාල වහයෙන් පහත වැටීමත් කොළඹ කොටස් වෙළෙඳලොල පහත වැටීමත් යන ආර්ථික අවපාතයන් දෙකක් එකවර ඇති වී තිබේ.

ඩොලර් එකක් සඳහා පැවති රුපියල් වටිනාකම 136 සිට 138 ශත 85 දක්වා පහත වැටී තිබේ. මෙයින් විශේෂයෙන්ම රටේ ආනයන භාණ්ඩවල මිල ගණන් වේගයෙන් ඉහළ යාමට බලපෑම් ඇති කරයි.

නිදර්ශනයක් වශයෙන් මෙම වසරේ මුල් මාස 6 තුළ ලංකාවට ඩොලර් මිලියන 9501.3ක භාණ්ඩ ආනයනය කර තිබේ. ඩොලරයට රුපියල් 136ක අනුපාතය යටතේ රුපියල් මිලියන 1292176ක් වැය වේ. නමුත් ඩොලරය රුපියල් 138 ශත 85ක් යටතේ රුපියල් මිලියන 1319255ක් වැය වේ.

රුපියලේ අගය පහත වැටීම නිසා මේ ආකාරයෙන් භාණ්ඩ මිල ආණයනයේදී ඉහළ යාම තුළින් දේශීය පාරිභෝගිකයා හමුවේ මිල උද්දමනයක් ඇති වේ.

Facebook
Twitter
LinkedIn