එක්‌නැලිගොඩ පරීක්ෂණ යටගහන්න CIDයට බලපෑම්

ඝාතනය කර ඇතැයි දැනට සැක කෙරෙන මාධ්‍යවේදී ප්‍රගීත් එක්‌නැලිගොඩ මහතා අතුරුදහන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව සිදුකරන පරීක්‌ෂණ සඳහා ආරක්‍ෂක අංශවලට සම්බන්ධ බලවත් පුද්ගලයන් කීපදෙනකුගෙන් එල්ල වන දැඩි බලපෑම් නිසා පරීක්‌ෂණ කරගෙන යන අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දැඩි අසීරුතාවකට පත්ව සිටින බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග පවසයි.

එක්‌නැලිගොඩ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට යුද හමුදා බුද්ධි අංශයේ ලුතිනන් කර්නල්වරුන් දෙදෙනෙක්‌ ඇතුළු හමුදා සාමාජිකයන් හත්දෙනෙක්‌ අත්අඩංගුවට ගැනීමෙන් පසුව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව වෙත මෙම බලපෑම් එල්ල වන්නට පටන්ගෙන ඇති අතර  මෙම බලපෑම් එල්ල කරන්නේ පසුගිය රජයේ බලවත් දේශපාලනඥයන්ට පක්‌ෂපාතීව කටයුතු කරමින් සිට වර්තමාන රජයේද නිලතල දරන ප්‍රබල පුද්ගලයන් කීපදෙනකු විසින් බවද වාර්තා වෙයි.

අත්අඩංගුවේ සිටින හමුදා සාමාජිකයන් හත්දෙනා මාස 3ක කාලයක්‌ රඳවා ගෙන ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව ලිඛිත ඉල්ලීමක්‌ කළද ආරක්‌ෂක අමාත්‍යාංශය මගින් ඒ සඳහා අවසර දී තිබුණේ දින 14 ක කාලයකට පමණක් බවද එය ප්‍රමාණවත් කාලයක්‌ නොවන බවද පොලිසිය පවසයි.

මූලාශ දිවයින

Facebook
Twitter
LinkedIn