අමාත්‍ය මණ්ඩලය දිවුරුම්දීම අද

නව රජයේ අමාත්‍ය මණ්ඩලය අද (04) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහභාගීත්වයෙන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම්දීමට නියමිතය.

අමාත්‍යවරු 93දෙනෙකු අද දිව්රුම් දීමට නියම නියමිත වුවද කැබිනට් ඇමතිවරුන් පමණක් අද දිවුරුම් දෙන බවත් රාජ්‍ය සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ දිවුරුම් දීම සම්බන්ධයෙන් මෙතෙක් ජනාධිපති ලේකම් කාර්යාලය දැනුවත් කර නැති බවත් ආරංචිමාර්ග සඳහන් කරයි.

පසුගිය අගෝස්තු 25වනදා අප වෙබ්අඩවිය පුවතක් පළ ප්‍රථම වරට අනාවරණය කර සිටියේ නව ආණ්ඩුවේ ඇමති මණ්ඩලය දිවුරුම් දීම සැප්තැම්බර් 04වනදා සිදු කිරීමට නියමිත බවය.

ආශ්‍රිත පුවත්

ඇමති මණ්ඩලය දිවුරුම් දීම 4ට කල් යයි

Facebook
Twitter
LinkedIn