ජාතික ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 93ක් දක්වා ඉහළ දමා ගැනීමේ අගමැතිවරයාගේ යෝජනාවට පක්ෂව ඡ්නද 143ක් ලැබී ඇති අතර විපක්ෂව ඡන්ද 16ක් හිමිවිය. නොපැමිණි මන්ත්‍රීන් ගණන 63කි. ඒ අනුව වැඩි ඡන්ද 127කින් ඇමති මණ්ඩලය වැඩි කර ගැනීමේ යෝජනාව සම්මත විය.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන් බොහෝ දෙනෙකු සහ දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දක්නට නොලැබුණි.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රම සිංහ මහතා විසින් ඉදිරිපත් කළ එම යෝජනාවේ දැක්වෙන්නේ “එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොඉක්මවිය යතු බවත්, අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවත් ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) ව්‍යවස්ථාව ප්‍රකාර පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි“. යනුවෙනි.









