සහල් ආනයනය කිරීමට සිදුවෙනවා – මහින්ද අමරවීර

සහල් ආනයනය කිරීමට සිදුවෙනවා – මහින්ද අමරවීර

උත්සව සමයේ සහල් ආනයනය නොකළා නම් සහල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යන බවත් එම නිසා අකමැත්තෙන් හෝ සහල් පිටරටින් ආනයනය කිරීමට සිදුව ඇති බවත් කෘෂිකර්ම ඇමති මහින්ද අමරවීර පවසා තිබේ.

ඒ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති මාධ්‍ය හමුවකදීය.

වාර්ෂිකව සහල් මෙට්‍රික් ටොන් 2,540,000ක් අවශ්‍ය බවද මෙවර අස්වැන්න මෙට්‍රික් ටොන් 2,750,000ක් වන බවද රජය අනුගමනය කළ ක්‍රියාමාර්ග නිසා මෙට්‍රික් ටොන් ලක්ෂ දෙකකට වැඩි අමතර අස්වැන්නක් ලබාගැනීමට හැකියාව ලැබුණු බවද ඔහු එහිදී සඳහන් කර ඇත.

කෙසේ වෙතත් වී අස්වැන්න ඉහළ අගයක් ගත්තද මෝල් හිමියන් විසින් ඒවා සම්පූර්ණයෙන්ම වෙළෙඳපොළට නිකුත් නොකිරීම නිසා සහල් ආනයනය කිරීමේ අවශ්‍යතාවක් මතු වී තිබෙන බවද ඔහු වැඩිදුරටත් පවසා සිටී.

Facebook
Twitter
LinkedIn