ජනතා විමුක්ති පෙරමුණේ 34 වැනි ඉල් මහ විරු සමරුව සහ පක්ෂයේ තවත් දේශපාලන කටයුතු කිහිපයක් සඳහා දකුණු කොරියාවට ගොස් සිටින ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක බිමල් රත්නායක සහ දකුණු කොරියාවේ දකුණු කොරියාවේ කියොන්ග්නම් පළාත් යන්සාන් ආණ්ඩු පක්ෂ ප්‍රධාන නගරාධිපති වන lee jong hee (ලී ජොන්ග් හී) අතර හමුවක් අද (24) පවත්වා තිබේ.
ලක්ෂ හතර හමාරක ජනතාවක් ජීවත් වන මෙහි පාළාත් පාලන ආයතනයක් මගින් සිදු කරන සියලුම සේවාවන් සඳහා මැදිහත් වීම සිදු කරනු ලබන්නේත් විශේෂයෙන් මෙම ප්‍රදේශයේ කර්මාන්තශාලා 9,000ක ප්‍රමාණයක් අධීක්ෂණය වන්නේත් මෙම ආයතනය මගිණි.
නිළ තොරතුරු අනුව මෙම පළාතේ 2,500ක පමණ විදේශීය ශ්‍රමිකයන් පිරිසක් සේවය කරනු ලබයි.
දේශපාලන, ආර්ථික සහ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් මුහුණ දෙන ගැටලු, සුබසාධන වගේම නව රැකියා සහ ආයෝජන සම්බන්ධයෙන් මෙහිදී විශේෂයෙන් සාකච්ඡාවට බඳුන් වී තිබේ.
මෙම අවස්ථාව සඳහා ජනතා විමුක්ති පෙරමුණේ දකුණු කොරියානු සංවිධායක දර්ශන විජේසිංහ එතෙර අපි සංවිධානයේ සභාපති ජනක නාගහවත්ත යන අයද එක්වී ඇත.













