පවතින වැසි සහිත කාලගුණ තත්වයත් සමග ළමුන් අතර වෛරස් රෝග කීපයක් ව්‍යාප්ත වෙමින් පවතින බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා ඊයේ (23) පවසා තිබේ.
ළමා හතිය, වෛරස් උණ රෝග, කැස්ස, සෙම්ප්රතිෂ්යාව, පාචනය සහ ඩෙංගු උණ රෝගය වැළඳුණු දරුවන් රෝහල් ගතවීම ඉකුත් සතියේ සිට ඉහළ ගොස් ඇතැයිද විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා පවසයි.
එසේම ළමුන් අතර කොවිඩ් රෝග තත්වයද නැවත වාර්තාවී ඇති බවත් පසුගිය සතියේ කොවිඩ් වැළඳුණු දරුවන් හතර දෙනකු හමුවී ඇති බවත් සඳහන් කරණ ඔහු මීට අමතරව අත්, පා, මුඛ රෝග ව්‍යාප්ත වීමක් සහ ඇස් රෝග පැතිර යාමක්ද දරුවන් අතර දක්නට ලැබෙන බව කියා සිටී.
කෙසේ වෙතත් වෛරස් රෝග වෙනුවෙන් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම අවශ්‍ය නොවන බවත් බැක්ටීරියා ආසාදන තත්වයකදී පමණක් වෛද්‍ය උපදෙස් මත ප්‍රතිජීවක ඖෂධ ලබාගැනීම සඳහා යොමුවන ලෙසත් ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටී.
විශේෂයෙන් වෛරස් රෝග ලක්ෂණ පෙන්නුම් කරන දරුවන් මුව ආවරණ පැලඳීම සඳහා යොමු කිරීමද වැදගත්වනු ඇති බව සඳහන් කර ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා, එවැනි දරුවන් පාසල්, දිවා සුරැකුම් මධ්‍යස්ථාන සහ පෙර පාසල් වෙත නොයැවිය යුතු බවද අවධාරණය කරයි.










