චමල්, නාමල්, විමල් අයවැය ඡන්දය මගහරිති

චමල්, නාමල්, විමල් අයවැය ඡන්දය මගහරිති

ලබන 2024 වසර සඳහා වන රනිල් පොහොට්ටු ආණ්ඩුවේ අයවැය ප්‍රකාශය දෙවනවර කියවීමේ විවාදයේ ඡන්දය අද (21) පැවති අතර එම අවස්ථාවට පොහොට්ටු පක්ෂ මන්ත්‍රීවරු වන හිටපු කතානායක චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ පොහොට්ටු ආණ්ඩුවෙන් ස්වාධීන වී විපක්ෂයේ වාඩි වූ විමල් වීරවංස යන තිදෙනාම සහභාගී නොවීම කැපී පෙනේ.

පසුගිය දිනවල නාමල් රාජපක්ෂ සහ විමල් වීරවංස යන මන්ත්‍රීවරු අයවැයට විරුද්ධව අදහස් දැක්වූ නමුත් අද දින අයවැයට විරුද්ධව ඡන්දය ලබා දීම සඳහා ඔවුන් සහභාගී නොවීය.

Facebook
Twitter
LinkedIn