මේ වනවිට සීනි සඳහා පනවා ඇති පාලන මිල ඉවත් කිරීමටත් වැඩි මිලට සීනි අලෙවි කිරීමට වෙළෙඳුන්ට අවසර ලබාදීමටත් කැබිනට් මණ්ඩලය තීරණය කළ බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමති නලීන් ප්‍රනාන්දු මහතා අද (20) පස්වරුවේ පවසා තිබේ.
විශේෂයෙන්ම ශත 25ක බද්ද මත ආනයනය කළ සීනි තොග ප්‍රමාණය පාරිභෝගික කටයුතු පිළිබඳව අධිකාරිය මේ වනවිට ගණනය කරමින් සිටින බවත් එම සීනි තොග අද (20) සිට ආනයකරුවන්ගෙන් සහ තොග වෙළෙදුන්ගෙන් රජයට ලබා ගන්නා බවත් ඇමති නලීන් ප්‍රනාන්දු සඳහන් කරයි.
ශත 25ක බද්ද මත ආනයනය කළ සියලුම සීනි තොග රජයට පවරාගෙන මාසයක කාලයක් තුළ සතොස, සුපිරි වෙළෙදසැල් සහ තෝරාගත් සමූපකාර හරහා රුපියල් 275ක පාලන මිලට අළෙවි කරන බවත් එම වැඩපිළිවෙළත් සමඟ පාලන මිල අවශ්‍ය නොවන බවත් රුපියල් 50ක බද්දට ඉදිරියේදී ආනයනය කරන සීනි නව මිලට අළෙවි කළ හැකි බවත් එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.










