රනිල්ගේ බදු කෙළියෙන් ආර්ථික අර්බුදය උග්‍ර වේ – ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු අනතුරු අඟවයි

රනිල්ගේ බදු කෙළියෙන් ආර්ථික අර්බුදය උග්‍ර වේ – ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙකු අනතුරු අඟවයි

අය වැය ඉදිරිපත් කිරීමටත් පෙර බදු වැඩි කිරීම් ඉදිරිපත් කරමින් සහ අත්‍යාවශ්‍ය භාණ්ඩවල මිල වැඩි කරමින් තිබෙන පසුබිමක ලබන වර්ෂයේ සිට තවදුරටත් බදු වැඩි කිරීම් සිදු කිරීමෙන් පවතින ආර්ථික අර්බුදය වඩා උග්‍ර වන බව කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යන අංශයේ ප්‍රධානී මහාචාර්ය සේමසිංහ වන්නිනායක පෙන්වා දී තිබේ.

අද (13) නිකුත් කර තිබෙන ලංකාදීප පුවත්පතට සාකච්ඡාවක් ලබා දෙමින් මහාචාර්යවරයා මේ බව ප්‍රකාශ කර ඇත. එම පුවත්පතේ මාධ්‍යවේදී උපුල් වික්‍රමසිංහ අදාළ සාකච්ඡා සටහන “අයවැය මුහුණ දෙන අභියෝග” යන සිරස්තලයෙන් පල කර තිබේ. ලබන වසරේ සිට පැනවෙන නව බදු සම්බන්ධයෙන් මහාචාර්ය සේමසිංහ වන්නිනායක කරුණු පැහැදිලි කර තිබුණේ මෙසේය.

“මේ පසුබිමේ ලබන ජනවාරි සිටි තවත් බදු කිහිපයක් පැනවීමට යෝජනා වී තිබේ. දැනට වැට් බදු අය කරන්නේ බදු අය කළ හැකි භාණ්ඩ හා සේවා සැපයීම වාර්ෂිකව රුපියල් මිලියන 80 ඉක්මවන පුද්ගලයන්ගෙනි. සිදු කිරීමට නියමිත සංශෝධනයේදී මෙම සීමාව වර්ෂයකට රුපියල් මිලියන 20 දක්වා අඩු කිරීමට යෝජනා වී ඇතැයිද දැනගන්නට ඇත. ඒසේ වුවහොත් බදු අය කළ හැකි සැපයුම වාර්ෂිකව රුපියල් මිලියන 20 ඉක්මවන පුද්ගලයන් වැට් බද්දට යටත් වේ.” යනාදී වශයෙන් කරුණු පැහැදිලි කර ඇත.

මෙලෙස බදු පැනවීමෙන් ආර්ථිකයට වන ප්‍රතිවිපාක පිළිබඳව අනතුරු අඟවා තිබෙන්නේ “ඉල්ලුම සංකෝචනය වීම නිසා නිෂ්පාදකයන්ට ඔවුන්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නුපුළුවන. එවිට වන්නේ නිෂ්පාදනය අඩු වීමය. එහි ප්‍රතිඵලයක් ලෙස ආර්ථික වර්ධන වේගය අඩු වේ. එබැවින් ආර්ථික අර්බුදයක් තිබෙන අවස්ථාවක තව දුරටත් බදු අය කිරීමෙන් ප්‍රශ්නය උග්‍ර වේ.” යනුවෙනි.

Facebook
Twitter
LinkedIn