අතින් වියදම් කරගෙන හරි මම නඩු කියනවා… දවසක මිනිසුන්ට තේරෙයි ඇයි අපි මේකට අත ගහන්න හදන්නේ ඇයි කියලා – අර්ජුණ රණතුංග

අතින් වියදම් කරගෙන හරි මම නඩු කියනවා… දවසක මිනිසුන්ට තේරෙයි ඇයි අපි මේකට අත ගහන්න හදන්නේ ඇයි කියලා – අර්ජුණ රණතුංග

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ පාලක මණ්ඩලයේ ක්‍රියාමාර්ගවලට එරෙහිව ජනාධිපතිගෙන් හෝ සාධාරණය ඉල්ලා සිටින බවත් එමේ නොවුනොත් තම පෞද්ගලික මුදලින් වියදම් කරගෙන හෝ ගොස් අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බවත් තමන් ඇතුළු කණ්ඩායමක් ක්‍රිකට් පාලක මණ්ඩලයට අද ගහන්නේ කුමක් නිසාදැයි යම් කිසි දිනයක මෙරට ජනතාවට තේරුම් යනු ඇති බවත් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ පත් කළ අතුරු පාලක මණ්ඩලේ සභාපති අර්ජුණ රණතුංග සඳහන් කරයි.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ උක්ත අතුරු පාලක මණ්ඩලය තහනම් කිරීමට අධිකරණ නියෝගයක් ලබා දීමෙන් පසු ගම්පහ ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදීය.

එහිදී ඔහු මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ,

“කොහොමද මේ තත්ත්වයට අපිට මුහුණදෙන්න සිද්ද්වුණේ. කවුද මේක යට ඉන්නේ එව්වා තමයි අපි හොයන්න ඕනේ. රටක් පාවාදීලා තමන්ව ආරක්ෂා වෙන ක්‍රමවේදයක් ඇතිකරනවා නම් ජනාධිපති දැඩි තීරණ ගන්න ඕනේ. මේ ගැන පූර්ණ පරීක්ෂණයක් කරන්න කියලා මම ජනාධිපතිතුමන්ගෙන් ඉල්ලනවා හෙට. මම එතුමන්ගෙන් ඉල්ලනවා මේක තහනම් වෙන්න කවුද අඩිතාලම දැම්මේ, රට ගිහින් දුන්නු ස්ටේට්මන්ට් මොනවා ද ? එහෙම කරලා අපේ රටේ ක්‍රිකට් එක විනාශ කරන්න හැදුවේ කවුද ? ඒ පුද්ගලයින්ට මොනවගේ ද දඬුවම් දෙන්නේ. ?

මම අද තීරණය කරගෙන ඉන්නේ ක්‍රිකට් අපි හදනවා. අපි යමු උසාවි. අතින් වියදම් කරගෙන යනවා උසාවි. කවදාහරි මේ රටේ මිනිස්සුන්ට තේරේවි අපි මේකට අතගහන්න හදන්නේ ඇයි කියන එක.”

Facebook
Twitter
LinkedIn