පලස්තීන අරගලයේ විප්ලවීය තාරකාව අත් අඩංගුවට !

පලස්තීන අරගලයේ විප්ලවීය තාරකාව අත් අඩංගුවට !

ඇය පලස්තීන අරගලයේ දැවැන්ත චරිතයක් වනුයේ වයස අවුරුදු 14 වන වියේදීය. 22 හැවිරිදි Ahed Tamimi, 2023 නොවැම්බර් 6 වන සඳුදා ඊශ්‍රායල හමුදාව විසින් බලයෙන් අල්ලා ගන්නා ලද බටහිර ඉවුරේ සිදුකල වැටලීමකදී අත්අඩංගුවට ගෙන ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කර සිටි. “ප්‍රචණ්ඩත්වය සහ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් ඇවිස්සු බවට චෝදනා යටතේ Ahed Tamimi, සාලේ නගරයේ දී අත්අඩංගුවට ගෙන ඇත. මේ වන විට ගාසා තීරයේ ගැටුම් වලින් 20000කට අධික පිරිසක් මරා දැමු බව ඊශ්‍රාල් හමුදාව පවසන අතර යුද්ධයට එරෙහිව ඊයෙ දිනයේදී දහසකට අධික ඊශ්‍රාල් ජාතිකයින් පිරිසක් නෙතන්යාහු රජයට එරෙහිව වීදි බැස සංහාරක යුද්ධය නතර කරන ලෙස ඉල්ලා සිටි බව බටහිර මාධ්‍ය තව දුරටත් වාර්තා කර සිටි.

මේ වන විට ගාසා තිරයේ ආරම්හ කර ඇති ජන සංහාරක මෙහයුම හේතුවෙන් 10000 කට අධික ජනතාවක් මිය ගොස් ඇති අතර එයින් වැඩි කොටසක් කුඩා දරුවන් හා කාන්තාවන් ලෙස හඳුනාගෙන ඇත. එසේම ඇමරිකාවේ හා ඊශ්‍රාලයේ යුදෙව් ජනතාව විශාල වශයෙන් යුද්ධයට එරෙහිව පෙල ගැසිමින් සිටිනුයේ නෙතන්යාහු රජය මෙම යුද්ධය පවත්වා ගෙනු යනු ලබනුයේ තම දූෂිත චෝදනා වලින් ආරක්ෂා වීම සඳහා යන්න දිනෙන් දින තහවුරු වෙමින් පවතින වටා පිටාවක් තුලය. විශේෂයෙන් හිටපු ඊශ්‍රාල් අගමැති YAIR LAPID විසින් හාමාස් ප්‍රහාරය සිදු වන බවට තමන් හා අගමැති නෙතන්යාහු සැප්තැම්බර් 20 වන දා සිට දැන සිටි බවට හෙළි කිරීමත් සමග යුද්ධයට එරෙහිව ජාතිකව හා ජාත්‍යන්තරව විරෝධය දැඩිව උත්සන්න වෙමින් පවතී. එසේම නෙතන්යාහු පාලනය විසින් හාමාස් සංවිධානයට රහසේ මුදල් පොම්ප කිරීම හෙලිවීමද යුද්ධයට එරෙහිව විරෝධය තවදුරටත් වර්ධනය වීමට හේතු වී ඇත.

මේ අතර වෙස්ට් බෑන්ක් කලාපය තුලද හමුදා මෙහෙයුම් ත්‍රීව වීමත් සමග පලස්තීන අරගලයේ වීර තරුණියක් ලෙස ලෝක ප්‍රකට Ahed Tamimi මෙනවිය නොවැම්බර් 6 වැනිදා එනම් අද දිනයේදී අත්අඩංගුවට ගැනීම මානව හිතවාදීන්ගේ හා ජාත්‍යන්තර සංවිධාන වල දැඩි කතා බහට ලක් වී ඇත.

වැඩිදුර ප්‍රශ්න කිරීම සඳහා යයි පවසමින් Ahed Tamimi, ඊශ්‍රායල රහස් ඔත්තු සේවා අංශ වෙත භාර දී ඇත. බටහිර ඉවුරේ උතුරු කලාපයේ “ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සහ වෛරය අවුස්සන ප්‍රකාශ සිදු කල බවට සැක කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම් මේ වන විට උත්සන්න කර ඇති අතර ඊශ්‍රායල හමුදා වැටලීමකදී එසේ Ahed Tamimi, අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

Ahed Tamimi ලොව පුරා පලස්තීන අරගලයේ සංකේතයක් බවට පත්වනුයේ වයස අවුරුදු 14 වියේ දීය. ඇගේ කුඩා සොහොයුරා අත්අඩංගුවට ගැනීම වැළැක්වීම සඳහා ඊශ්‍රායල සොල්දාදුවෙකු සපා කෑම රූගත වී එම වීඩියෝව සියළු මාධ්‍ය වල විරාල් වීමෙන් පසු Ahed Tamimi පලස්තීන ජනතාවගේ සාමකාමී අරගලයේ තාරකාවක් බවට වේගයෙන් පත්විණි.

ඉන් පසුව Ahed Tamimi වයස අවුරුදු 17 දී ඊශ්‍රායල සොල්දාදුවන් දෙදෙනෙකුට කම්මුල් පහර දීමෙන් ඇය ඔවුන්ගේ සම්ප්‍රදායික භුමිය අල්ලා ගැනීමට එරෙහිව සටන් කරන පලස්තීන ප්‍රතිරෝධයේ විප්ලවාදිනියක් බවට නිරතුරුවම පත් විණි. වසර පනහකට වැඩි කාලයක් ඊශ්‍රායල හමුදාව විසින් අල්ලාගෙන සිටින පලස්තීන ප්‍රදේශයක් වන බටහිර ඉවුරේ රාමල්ලා අසල පිහිටි නබි සාලේ නම් ඔවුන් වෙසෙන ගම්මානයේ 2017 දෙසැම්බර් මාසයේදී Ahed Tamimi පවුලේ නිවස ඉදිරිපිට මෙම ගැටුම සිදු විණි. මෙම දර්ශනයේ වීඩියෝවද ඉතා ඉක්මනින් සමාජ ජාල තුළ විරාල් විය. 2018 මාර්තු මාසයේදී Ahed Tamimi හට මාස අටක සිරදඬුවමක් නියම වූ අතර එම වසරේ ජූලි 29 වැනිදා ඇයව නිදහස් කිරීමට ජාත්‍යන්තර බලපෑම් හමුවේ ඊශ්‍රාල් අධිකරණයට සිදු විණි.

අධිකරණය ඉදිරියේ ඇය විසින් සිදුකරන ලද අභීත ප්‍රකාශයන් සහ ඊශ්‍රාල් හමුදාවන්ට එරෙහිව ඇය පෙන්වූ නිර්භීත බව හේතුවෙන් නිදහස් පලස්තීනයක් දිනා ගැනීමේ ජාතික හා ජාත්‍යන්තර චරිතයක් බවට පත් වූ Ahed Tamimi, මේ වන විට තරුණ පලස්තීනුවන්ගේ පරම ආදර්ශයක් බවට පත් වී ඇත. බෙත්ලෙහෙම් කලාපයේ බටහිර ඉවුරේ ඊශ්‍රායල වෙන් කිරීමේ බිත්තිය මත ඇයගේ යෝධ චිත්‍රයක් ද පින්තාරු කර ඇත.

ඊශ්‍රායලයේ සිදුවූ හමාස් ප්‍රහාරයෙන් අවුලුවාලූ වර්තමාන යුද්ධයේ ආරම්භයේ සිට එනම් ඔක්තෝබර් 7 වැනිදා සිට, ඊශ්‍රායල ආරක්ෂක අංශ විසින් ප්‍රචණ්ඩත්වය, ප්‍රචණ්ඩත්වය අවුලුවාලීම හෝ හාමාස් සාමාජිකයන් යැයි සැක කරන පලස්තීනුවන් දැවැන්ත ලෙස වෙස්ට් බෑන්ක් කලාපය තුල අත්අඩංගුවට ගනිමින් සිටි. මීට අමතරව, ඊශ්‍රායල සොල්දාදුවන් හෝ ඔවුන්ගේ බලහත් කාරී පදිංචිකරුවන් විසින් අල්ලා ගන්නා ලද බටහිර ඉවුරේ වෙඩි තැබීමෙන් පලස්තීනුවන් 150 ක් මේ වන විට ඊශ්‍රාල් හමුදා වෙඩි ප්‍රහාර වලින් මරා දමා ඇති බව මේ අතර පලස්තීන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඔක්තෝම්බර් 7 හාමස් ප්‍රහාරයෙන් පසුව එම මස 18 වැනිදා විදේශ මාධ්‍යක් වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබා දෙමින්,

“බටහිර අධිරාජ්‍යවාදීන්ගේ සහය ඇතිව සියොන්වාදී හතුරාට අවශ්‍යව ඇත්තේ ගාසා තීරයෙන් සියළුම පලස්තීන ජනතාව පලවා හැරීමට හා සංහාරය කිරීමටයි. ආක්‍රමණිකයාගේ දැවැන්ත යුධ ශක්තියට එරෙහිව අවම යුධ බලයකින් සටන් කරන පලස්තීන ජනතාවගේ වර්තමාන අරගලය නව තරුණ පරම්පරාවට පරාජයකට වඩා අනාගත ජයග්‍රහණය සඳහා වූ උදාර අපේක්ෂා ඇති කරවීමට සමත් වනු ඇත” යයි පවසා සිටියාය.

“පලස්තීනුවන් වන අප සටන් කාමීන් විනා වේදනාව, තම සගයන්ගේ වියෝව හමුවේ වුවත් කිසි දිනක සතුරා ඉදිරියේ වැඳ වැටෙන ජාතියක් නොවේ” යයි ඇය අවසාන වශයෙන් පවසා සිටියාය.

Facebook
Twitter
LinkedIn