ශ්‍රී ලංකා යුධ හමුදාවේ දෙවැනි ඉහළම නිලධාරි තනතුර ලෙස පිළිගැනෙන මාණ්ඩලික ප්‍රධානී ධුරය දැරූ මේජර් ජෙනරාල් සංජය වනසිංහ විශ්‍රාම යාමෙන් පසුව මේ දක්වා මාසයක පමණ කාලයක් තිස්සේ හිස්ව තබා තිබෙන්නේ කුමක් නිසා දැයි බරපතළ ගැටළුවක් මතුව තිබේ.
හිටපු මාණ්ඩලික ප්‍රධානියා පසුගිය ඔක්තෝබර් 02 දින වයස අවුරුදු 55 සම්පූර්ණ වීමෙන් විශ්‍රාම ගොස් ඇති අතර එම ධුරය සඳහා සේවා දිගුවක් හෝ ඔහුට ලබා නොදී මෙසේ පුරප්පාඩු වී තිබීමට ඉඩ හැර ඇත. මේ සඳහා ජ්‍යෙෂ්ඨත්වය අනුව සුදුසුකම් ලත් නිලධාරීන් සිටියදී ජ්‍යෙෂ්ඨත්වයෙන් පහළ සිටින නිලධාරියෙකු පත් කිරීම වෙනුවෙන් මෙසේ හිස් තබා ඇත්තේදැයි ආරක්ෂක අංශවල සාකච්ඡාවක් මතු වී තිබේ.
මේ අතර වර්තමාන යුධ හමුදාපති විකුම් ලියනගේ ලුතිනන් ජෙනරාල්ගේ ධුර කාලයද ලබන දෙසැම්බර් 30 වනදා අවසන් වීමට නියමත බව වාර්තා වේ.
Views: 0










