මූල්‍ය ප්‍රධානියෙකු සිටි දිනේෂ් ෂාෆ්ටර්ගේ මියයාම මනුෂ්‍ය ඝාතනයක් නොව සිය දිවි නසා ගැනීමක් බව අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරමින් කරුණු ඉදිරිපත් කළ පොලිස් ස්ථානාධිපතිට තවත් උසස් වීමක් ලබා දීමට සූදානමින් සිටින බව අනාවරණය වේ.
මෙම පොලිස් නිලධාරියාට විරුද්ධව අවම වශයෙන් විනය පරීක්ෂණ 12ක් සම්බන්ධයෙන් මෙයට පෙර චෝදනා බාර දී තිබේ. දිනේෂ් ෂාෆ්ටර් සම්බන්ධයෙන් අධිකරණය නොමග යැවීමට බී වාර්තාවක් ඉදිරිපත් කර ඇත්තේ එම පසුබිම තුළය.
ඔහුට පොලිස් මත් ද්‍රව්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂ ධුරය දක්වා ඉහළ තනතුරක් ලබා දීමට සියල්ල සූදානම් කර තිබේ. මේ සඳහා මූලික වී සිටින්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පෞද්ගලික ආවතේවකරු වන ආමි නෙවිල් හෙවත් නෙවිල් වන්නිආරච්චි නැමැත්තා බව වැඩිදුරටත් හෙළි වේ.
Views: 0










