ශ්‍රී ලංකා ක්‍රිකට් හි පැවති පාලක කමිටුව අත්හිටුවා අතුරු පාලක කමිටුවක් පත් කිරීම පිළිබඳව මන් කිසිවක් නොදන්නා බවත් ක්‍රිකට් අතුරු පාලක කමිටුවට පත් කර ඇති සාමාජිකයන් සම්බන්ධයෙන් ක්‍රීඩා ඇමති රොෂාන් රණසිංහ තමන්ගෙන් අනුමැතියක් ගෙන නැතැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද (06) උදෑසන ප්‍රකාශ කර තිබේ.
ජනාධිපති මේ බව ප්‍රකාශ කර ඇත්තේ ක්‍රිකට් අතුරු පාලක කමිටුව පත් කර ඇති බවට මාධ්‍යවල පළවී ඇති වාර්තා සම්බන්ධයෙන් මැති ඇමතිවරු ජනාධිපතිගෙන් කළ විමසීමට ප්‍රතිචාර දක්වමිනි.
මේ අතර ක්‍රිඩා අමාත්‍යංශ ලේකම් කේ. මහේසන් හදිසියේම අද ජනාධිපති ලේකම් කාර්යාලයට කැඳවා ඇතැයිද වාර්තා වේ.
අද (06) සවස පැවැත්වෙන ඇමති මණ්ඩල හමුවේ දී ක්‍රීඩා ඇමතිගෙන් මෙම පත් කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට නියමිත බවද වාර්තා වේ.
Views: 0










