අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණයෙන් කරන්න යන්නේ මොකක්ද?

අර්ජුන් මහේන්ද්‍රන්ට අධිකරණයෙන් කරන්න යන්නේ මොකක්ද?

මහ බැංකු බැඳුම්කර මංකොල්ලය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනෙකු නිදොස්කොට නිදහස් කළ කොළඹ විශේෂ මහාධිකරණයේ ත්‍රිපුද්ගල විණිසුරු මඩුල්ලේ තීන්දුව වහාම අත්හිටුවන ලෙස ශ්‍රේෂ්ටාධිකරණය නියෝග කර තිබේ.

මේ පිළිබඳව අද (08) පලකරන ලද දිවයින පුවත්පතේ පමණක් ප්‍රවෘත්තියක් ලෙස පල කර තිබේ.

එම ප්‍රවෘත්තිය අනුව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයෙන් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් 10 දෙනා නිදොස්කොට නිදහස් කිරීමට එරෙහිව නීතිපති විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනයක් ඉදිරිපත් කර තිබිණි. එය සලකා බැලීම සඳහා පංච පුද්ගල විණිසුරු මඩුල්ලක් පත් කළ අතර ලබන පෙබරවාදි 05 වෙනි දින අදාල අභියාචනය නැවත විභාගයට ගැනීමට නියමිතය.

ත්‍රිපුද්ගල මහාධිකරණයේ විණිසුරුවරු ලෙස අමල් රණරාජා, නාමල් බණ්ඩාර බලල්ලේ සහ ආදිත්‍ය පටබැඳිගේ කටයුතු කර තිබේ. අභියාචනය සලකාබලන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ලෙස මුර්දු ප්‍රනාන්දු, පී. පද්මන් සූරසේන, ඒ.එච්.එම්.ඩී නවාස් ශිරාන් ගුණරත්න සහ අර්ජුන් ඔබේසේකර ක්‍රියාකරති.

2015 පෙරබරවාරි 27 වෙනි දින සිදු කළ භාණ්ඩාගාර බැඳුම්කර වෙන්දේසියෙන් රජයට අයත් මුදල් රුපියල් මිලියන 688ක් සාවද්‍ය පරිහරණය කිරීමට ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදන 28ක් යටතේ නීතිපති විසින් අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 10 දෙනාට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉදිරියේ නඩු පවසා තිබිණි.

Facebook
Twitter
LinkedIn