SLC ලේකම් ඉල්ලා අස්වෙයි

SLC ලේකම් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) ලේකම් මොහාන් ද සිල්වා එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය භාර දී තිබේ.

දිගින් දිගටම සිදු වන තරග පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට හා බලධාරීන්ට විරුද්ධව ක්‍රීඩා ඇමති රෝෂාන් රණසිංහගෙන් මෙන්ම තවත් පාර්ශ්ව කිහිපයකින්ම මේ වනවිට විවේචන එල්ල වෙමින් පවතී.

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දියාව හමුවේ ලැබූ දැවැන්ත පරාජයත් සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මෙම විවේචන එල්ල වන්නට විය.

වසර ගණනාවක් පුරා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පිළිබඳ විවිධ ආන්දෝලනාත්මක පුවත් මැවෙන ආකාරයේ සිදුවීම් ගණනාවක්ම වාර්තා විය.

බලධාරීන් ඉල්ලා අස් නොවන්නේ නම්, දැඩි තීරණ ගැනීමට ද සූදානම් බව ඉන්දියාව හමුවේ ලද පරාජයත් සමඟ ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ ද මෙම ගැටලුවට මැදිහත්වෙමින් දැනුම් දී තිබිණි.

Facebook
Twitter
LinkedIn